Monday, October 1, 2012

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය සියලු දෙන සතුටු සිතින් සමරමු...!!


ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය සියලු දෙන සතුටු සිතින් සමරමු...!!


තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසලේ ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවය 2012 ඔක්තෝම්බර් මස 1 වෙනි දින පාසලේදී පවත්වන ලදී.  එය චාම් උත්සවයක් ආකාරයෙන් පවත්වන ලදී. පළමුවෙන්ම දෙවියන් සිහි කරමින් ඇරබුන මෙය ඉන් පසුව ජාතික කොඩිය හා පාසල් කොඩිය එසවන ලදී. එය ඔසවන ලස්සේ පාසෙලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වේ. ඉන් පසුව ගුරු කතාව පවත්වන ලදී. එය සිංහල විෂය භාර රුපික ගුරු මහත්මිය විසින් ලබා දෙන ලදී. හරවත් දෙසනයකින් සිසු දෙසවන් පිනවූ මෙන්ම දැනුමට අමතරව ගුනදම්ද එතුමිය ලබා දෙන ලදී. 




ඉන් පසුව ළමා පොරොන්දුව ලබලබ දෙන ලදී. සියලුම ළමුන් වම අතදකුණට තබා ගෙනත් දකුණු අත ඉදිරියට තබා මෙය ලබා දෙන ලදී.




ඉන් පසු සියලුම ළමුන් වෙනුවෙන් ළමා කතාව පවත්වන ලද්දී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන ඇන් හිරුනි ශිෂ්‍යාව විසිනි. අවසානයේ අප පාසෙලේ ගරු විදුහල් පති තුමා විසින් අපහට ඔවදන් හා දැන්විය යුතු ද ලබා දී මේ කෙටි උත්සවය නිම කරන ලදී..