තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා මහා විදුහල.
විද්‍යාලීය නිල ලකුණ.
හලා/නාත්/ සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසැල තොඩුවාව පිරිමි ගැහැණු මිශ්‍ර පාසලකි. සිසුන් 1000 ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන කතෝලික ආභාෂයෙන් ගොඩ නැගුනු පාසලක් ලෙසද හැදින්විය හැකිය. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීය අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලබාගත හැකිය. නවෝද්‍යා පාසලක් ලෙසින් තවදුරටත් වර්ධනය වන සාන්ත අන්තෝනි මහා විදුහල මේ වන විට අධ්‍යාපනික මෙන්ම ක්‍රීඩා අංශයෙන්ද දස්කම් පෙන්වන පාසලක් ලෙස ඉදිරියට එයි.
උසස් පෙළ අධ්‍යාපනය සදහා කළා අංශයද, අලුතින් එක් වූ වාණිජ අංශයද අප පාසලේ සුවිශේෂී අංශයන් වේ. එමෙන්ම පරිගණක අංශය සදහා පරිගණක විද්‍යාගාරයක්ද, විද්‍යා අංශය සදහා විද්‍යාගාරයක්ද, ගෘහවිද්‍යා අංශය සදහා ගෘහ විද්‍යාගාරයක්ද,පොත්පත් පරිශීලනය සදහා වටිනා පොතපතෙන් සමන්විත පුස්තකලයක්ද සහිත පහසුකම් රැසක සමන්විත පාසලකි.
අධ්‍යාපනික මෙන්ම අනෙකුත් අංශවලින් බොහෝ ජයග්‍රණ රැසක ලබා සිටින පාසලකි. සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසලේ සිටින සිසුන්ගේ දක්ෂතා හා හැකියාවන් මෙම වෙබ් අඩවිය හරහා ප්‍රචාරණය කෙරේ.
0 comments:
Post a Comment