Tuesday, March 4, 2014

හෘදයාංගම ස්තූතිය


තොඩුවාව සාන්ත අන්තෝනි මහ විද්‍යාලය
හිතවත් ආධී ශිෂ්‍ය හා පරිත්‍යාගශීලී මහත්ම / මහත්මීන් වෙත,
ඩුප්ලෝ යන්ත්‍රයක් විද්‍යාලයට පරිත්‍යග කිරීම.
                             හලා/ තොඩුවාව සා. අන්තෝනි නවෝද්‍යා මහ විද්‍යාලයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන නගා සිටුවීමට අවශ්‍ය වන ඩුප්ලෝ යන්ත්‍රයක් ලබා ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා අප විසින් එවන ලද ලිපියට අනුව පහත නම් සඳහන් ආධි ශිෂ්‍යයින් සහ පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන් විසින් ලබා දෙන ලද පරිත්‍යාගයන් සඳහා අප විද්‍යාලයේ සිසු දරුවන්ගේ , දෙමාපියන්ගේ සහ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කෘතවේදීත්වය මේ සමඟ පිරිනමමි.
                             ඔබේ ගමේ පාසලට මෙවැනි සහයෝගයක් ලබා දීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීමට ඔබ දැක්වූ සයයෝගයට ඔබ සැමට දේව ආශිර්වාදය පුදකරමි.
                                                ස්තූතියි.
                                                              මෙයට,
                                                                                විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය
 
 
 
 

 

0 comments:

Post a Comment