Wednesday, June 13, 2012

"පිතෘත්වය" හි වටිනාකම කියා දුන් නිසදැස් මාලාවක්..

තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා මහා විදුහලේ ශිෂ්‍යන්, ගුරුවරුන් හා පාසැල වෙනුවෙන් අරඹා වූ "සාන්ත අන්තෝනි නවෝද්‍යා මහා විදුහල" වෙබ් අඩවියේ පළමු දක්ෂතා, නිර්මාණ පිළිබද ලිපිය ඔබ වෙතට..


කළා අංශයේ අධ්‍යාපනය ලබන අප්සරා දනන්ජනී සොයුරියගේ "පිතෘත්වය" නමැති නිසදැස් පද මාලාව..


"පිතෘත්වය"



දසමසක් මා කුස දරා
එලොවට ජනිත නොකලත් 
නුඹයි මා දිවියේ
රමණිය පහනටැබ පියාණනි
විෂඝෝර කෘර ලෝකයේ
අසරණ වූ මුවත්තියක් ලෙස
මංමුල වී දිවගියේ
කෙලෙස සැගවෙම්දෝ සිතමිනි
ජිවිතයේ අරුත පෙන්වාදී
යා යුතු මග විවර කර දෙමින්
මා වෙනුවෙන් රහසේම කදුළු සැලූ
සෙනෙහෙබර පියා ඔබමයි
වැලි කතරක් තරම් සුවිසල් වූ
නිමක් නොමැති ලෝකයේ
නුබට අහිමි ඒ ලොවේ
මා හට කිරුළු පැළඳුවේ ඔබයි
නිසරු කාලයේ
සුමිතුරන් මා හැරගියත් 
ජිවිතයට අගාදයට වැටෙන්නට ඉඩ නොදී
ඇත දුන්නේ ඔබයි
ජිවිතයේ සතුට
මා වෙනුවෙන් කැපකර
දුක සාගරයේ යාත්‍රා කල
නෞකාව ඔබයි
කාලය දිවගොස්
දිනක් ඒවි නුබෙන් වෙන්වී
පියනගන්නට ලොව පුර
මා වෙනුවෙන්
ජිවිතයම දුක සයුරේ යාත්‍රා කල
ඔරුවෙහි හබල වන්නට 
මටත් හැකිවේද පියාණනි....


නිසදැස් නිර්මාණය- අප්සරා දනන්ජනී..
Blog Writer- දර්ශමාල් දුෂ්මන්ත..







0 comments:

Post a Comment