Monday, July 2, 2012

රණවිරු සෙබලනට නව අරුතක් ලබා දුන් "සොදුරු රණවිරුවණනි"

සිදු දක්ෂතා තුලින් නව ලොව ජය ගන්නට වෙහෙසෙනාවූ තවත් එක් සිසුවියකුගේ සුවිශේෂී හැකියාවක් ඔබ වෙත අප ලබා දෙමු..


තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා මහා විදුහලේ කලා අංශයෙන් අකුරු උගනින ඇන් හිරුනි තමෙල් සිසුවියගේ "සොදුරු රණවිරුවණනි" යන්න ලියවුන නිසදැස් පද වැලක් ඔබ වෙත පිරිනමන්නෙමු...




නොසිතු, නොපැතූ
එක් සොදුරු නිමේෂයක
නෙතු යුග අභියස රැදී
සිත්තමක් ලෙස
සිත් මල් යායට වැඩි
සොයුරණනි..............
සැබෑ මිනිසත්බවේ
සුවද විහිදුවාලන
කොද කැකුලක් සේ
හදවතක රැදී
සිහිනයක් ලෙස
ගිනි අවිය
දෑතෙහි ලාගෙන
තල්වැට මායිමට පියමැන්නේ 
සැබෑ විරුවෙකු
ලෙස නොවේද..........
විටක,
සොදුරු මතකයන් අවදි කල
මිතුරකු ලෙසත්,
විටක,
පාළු වූ මසිත් අහසට 
සහෝදර උණුසුම
රැගෙන ආ
සොයුරකු ලෙසත්
සිය දහස් වරක්
පේ කරදා
පිරිත් පැන් දෝතක් සේ
පිවිතුරු හදවතකට
උරුමකම් කී
සොයුරණනි.................
මෙදියත රකින වීර සෙබලකි...
මිනිසත් බව හදුනන
හදවතක් ඇති මිනිසෙකි ඔබ............


නිසදැස් රචනය- ඇන් හිරුනි තමෙල්
Blog Writer    - දර්ශමාල් දුෂ්මන්ත



0 comments:

Post a Comment