Monday, July 2, 2012

"වනපෙත අසිරිය" අකුරු මත ගෙත්තම් කල නිසදැස් පදමාලාව..

තොඩුවාව සාන්ත අන්තෝනි නවෝද්‍යා මහා විදුහල යනු සුවිශේෂී දක්ෂතා වලින් පරිපුන් සිසුන් රාශියක් සිටින පාසලකි.. ඒ අයගේ හැකියාව මුළු විශ්වය පුරා බෙදා හරින අපගේ වෙබ් අඩවිය වන "සාන්ත අන්තෝනි නවෝද්‍යා මහා විදුහල" තුලින් ඔබට පෙන්වයි ඔවුනගේ ඒ හැකියාවන්... 


"වනපෙත අසිරිය" කෙතරම්ද... එය නිසදැස් පද මාලාවකට පත් කිරීමට සමත් වූ අප්සරා දනන්ජනී සොයුරියගේ හැකියාව මෙලෙසින් ඔබ වෙත පිරි නමන්නෙමු....... 





නිමක් නොපෙනෙන
සිව් මහා ගුවනේ 
රිදී ගෙත්තම් කල වළාකැටි
තරගෙට මෙන් හබා ගියේ
මද පවන හමුවීමටය...


විහාගුන්ගේ 
නිමක් නොමැති මිහිරි නාදය
ගුවන් ගැබ සිසාරා
ඉහල අහසේ රැව් පිළිරැව් දුන්නේ
සුරබුන්ගේ ගීත පැරදිමටය....


තුරු ගොම්මනක සැගවුන
මල් සිනාසෙන ලන්දේ
බිගුන්ගේ ගොමු ගොමුව අතර
මිදුම සෙමින් මතුවුයේ..
ගිම්හානයේ අතලග බව ඉගිකරනටය....


රක්ත වර්ණ හිරු කිරණ
නැගෙනහිර කදු අතරින් පතුරුනේ
කදුගැට වසා නික්මෙන 
ඝන අදුර පරදවා තුරු ගොමුවේ
මල් සිනාව දකින්නයි....


තණ අග දගකල තුහින
හිරුට හොරෙන් සැගවුණේ 
ඇයි ඔවුන් නොදකිනා විලසිනි
මෙලෙස අසිරිමත් වනපෙතේ මිහිරියාව
මසිත නිදන්ව තිබී මෝදුවෙයි.....


නිසදැස් රචනය- අප්සරා දනන්ජනී
Blog Writer    - දර්ශමාල් දුෂ්මන්ත






0 comments:

Post a Comment