Friday, July 13, 2012

කිතු ප්‍රේමය සොයා යන "පිපාසිත වූ මගේ සිත" නිසදැස් මාලාව...

සාන්ත අන්තෝනි නවෝද්‍යා පාසලේ සිටිනා හැකියාවන්ගේ පරිපුර්ණ දරුවන් අතරින් සුවිශේෂී ලෙස කාව්‍ය නිර්මාණය සදහා දක්ෂතා දක්වන ඇය සුවිශේෂී සිසුවකි. ඇ නම් අප්සරා දනන්ජනී. "පිපාසිත වූ මගේ සිත" ලෙසින් නිර්මාණය කරන ලද අලංකාර නිර්මාණයකි.එය ඔබ වෙත පිරිනමන්නේ හදපිරි සතුටෙනි..



පිපාසිත වූ මගේ සිත 
ඔබ සොයයි මුළු ලොව පුරා..


මිල මුදල්, රන් මිණි රැගෙන
ආවෙමි මා ඔබ සොයා...


එනමුදු නැත හමුවුනේ
ඔබේ රුව සමිදුනේ...


පාපී සිතුවිලි මහද පුරවා
දිව ගියෙමි අදුර පිටුපස...


නැත හමුවුනේ සැනසුම
දුකින් පිරි සිතට සමිදේ..


සිත හරි මා නැවත ආවෙමි
ඔබේ සෙනෙහද සොයා සමිදේ..


කතර බිමේ තනිව හදුවෙමි
ඉදිරියත් නැති ජිවිතයේ ගැන...


එවිට අසුනෙමි ඔබේ හඩ
මගේම හදවත තුලින් සමිදේ...


මෙතෙක් ඔබ මා අසල රැදී බව නොදැනුනේ මන්ද
වැටහුනෙමි සෙනෙහෙබර සමිදේ...


නිසදැස් රචනය- අප්සරා දනන්ජනී.
Blog Writer    - දර්ශමාල් දුෂ්මන්ත.



0 comments:

Post a Comment